රෝසිට ජනාධිපති උපදේශක තනතුරක්

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ඇයට ලබාදී ඇති බවත්, ගරු තනතුරක් ලෙස මෙම තනතුර ලබා දී ඇති බවත්, ඇයට කිසිදු වරප්‍රසාධයක් නොලැබෙන බවත්, දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙස හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා පමණක් අවසර හිමිවන බවද එම කාර්යාලයීය වාර්තා පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *