රුසියානු ජනාධිපති මන්දිරයට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයයක් එල්ල කරයි

යුක්රේනය විසින් ඩ්‍රෝන යානා භාවිතයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පූටීන් ඝාතනයට ගන්න ලද උත්සහයක් ව්‍යර්ථ කරනා ලද බව ක්‍රෙම්ලීනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ජනාධිපති මන්දිරයට අසලටම පැමිණි ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් වෙඩිතබා බිම හෙලීමට රුසියානු ආරක්ෂක අංශ සමත්වූ බව එම නිවේදනය වැඩි දුරටත් පවසයි.

ජනාධිපති මන්දිරය අසල වැටී ඇති යානා කොටස්වලින් කිසිවකුට හෝ හානියක් සිදුව නැති අතර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ජනාධිපති පුටින් ද එහි සිට නැත. මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට අතිශයින්ම අයිතියක් ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් ක්‍රෙම්ලිනය කියා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *