රැකියාවට යමින් සිටි තරුණියක් දින 05 ක සිට අතුරුදන්

පසුගිය ඉරිදා උදෑසන සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන තරුණියක් දින 5ක සිට අතුරුදන්වී සිටීයි.

ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියකි.

නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගනී.
කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණි.

ඉන් තවත් මීටර් 50ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ ෆාතිමා මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති අතර කිසිඳු ප්‍රදේශවාසියෙකු ද ඇයව දැක නොමැත.

ඒ අනුව ගම්පොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් අද ගම්පොළ වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැළෑබඳ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

මේ අතර මන්නාරම ප්‍රදේශයේ පාසල් දෙකක සිසුවියක් සහ සිසුන් දෙදෙනෙකු පැහැර ගැනීමට උත්සාහ කළ බවට පසුගිය සදුදා මන්නාරම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඔවුන් පවසා ඇත්තේ මෝටර් රථයකින් සහ ත්‍රීරෝද රථයකින් පැමිණ කිසියම් පිරිසක් චොක්ලට් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ ඒ පිළිබඳ සැකසිතා එතැනින් දිව ගිය බවය.

එම පැමිණිල්ලට අනුව එම සිසුන් අධ්‍යාපන ලබන පාසල්වලට ආරක්ෂාව ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

පොලීසිය ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් පසු පැමිණ ඇති නිගමනය වී ඇත්තේ මෙම සිසුන් දෙදෙනාගේ සහ සිසුවියගේ සියලු ප්‍රකාශ සාවද්‍ය බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *