රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මට දෙනවාට ඇතැම් අය බය වුනා

තමන්ට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය ලැබුණේ දැඩි සටනකින් පසුව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. තමා එම තනතුරට පාත්වීම වලකන්නට ඇතැම් පාර්ශව දැඩි උත්සාහයක් දැරූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

“දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මාහට හිමිවුණා. මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කළ සෘජු ප්‍රශ්න කිරීම් සහ දැඩි මැදිහත්වීම් නිසා යළි ඒ තනතුරට මා පත්වීම වැලැක්වීමට සමහරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කෙසේවෙතත්, විපක්ෂය වෙත මේ තනතුර හිමිකර ගැනීමට සමගි ජන බලවේගය දැඩි සටනක් ගෙනගිය අතර ඒ සඳහා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සෘජුවම මැදිහත් වුණා.

අවසානයේ ජනාධිපතිවරයා විසින්ම ඒ තනතුර සඳහා යළි මගේ නම යෝජනා කළා. මා කෙරෙහි විශ්වාසය තැබූ සෑමදෙනාටම මා ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් රට වෙනුවෙන් සෘජුව සහ අවංකව මාගේ සේවය මෙම කාරක සභාවේදී ලබාදීමට මා කැප වෙනවා” ඔහු පැවසීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *