රාජකාරිය දේවකාරිය කරගත් සිරිල්

සිය දුම්රිය ජීවිතයේ අවසන් රාජකාරිය ඉටු කිරීමට පෙර දුම්රියට වැඳ රාජකාරිය ඇරඹූ දුම්රිය රියදුරෙකු පිළිබඳ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඔහු නමින්, සිරිල් සුගතදාස මහතාය.

බදුල්ලේ පදිංචි සිරිල් සුගතදාස මහතා දුම්රිය රියදුරෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක් වුයේ වයස අවුරුදු 22දීය.

වසර 38ක රාජකාරී ජීවිතය තුළ ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකර තිබුණි.

නමුත් තම රාජකාරි දිවිය අවසන් කර ඊයේට යෙදුණු 60 වැනි උපන් දිනය දවසේදී සිරිල් සුගතදාස මහතා විශ්‍රාම ගියේය.

ඒ අනුව ඔහු සිය අවසන් රාජකාරිය ලෙස දුම්රිය ඊයේ (05) ධාවනය කළේ, බදුල්ලේ සිට බණ්ඩාරවෙල දක්වාය.

බදුල්ලෙන් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර සිරිල් මහතා දුම්රියට වැඳ ගෞරවය පුද ආකාරය අප කැමරා කාචයේ සටහන් විය.

අනතුරුව ඔහු ධාවනය කළ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට ළඟා වූ අතර එහි සේවක මණ්ඩලය ඔහුගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළේය.

එමෙන්ම හාලි ඇළ සහ දෙමෝදර දුම්රිය ස්ථානවල සේවකයින්ද සිරිල් මහතාගේ සේවා කාලය අගය කරමින් විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කිරීමටද අමතක කළේ නොමැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *