මෝඛා කුණාටුව ගැන අවධානයෙන් ඉන්න

අද (15) පෙරවරු 5.30ට “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහාය.

ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති “මෝඛා” අතිශය චණ්ඩ කුණාටුව ඉදිරි පැය 24 තුළදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බවත්, දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *