මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30 %ක් නිපදවීමට සැලසුමක්

මේ වසර අවසන් වනවිට ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරටදී නිෂ්පාදනයට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 17 %ක් පමණක් දේශීයව නිෂ්පාදනය කරන බවත්, තවදුරටත් ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

එමෙන්ම අතිරේක ලේකම්වරයා පැවසුවේ, ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 70% ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කර ඇති බවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *