මූලධර්මවාදීන් පූජකයන් වෙසින් මෙන්ම භික්ෂූන් ලෙසින්ද ඉන්නවා

රටතුළ දරුණු නොසසුන් සහගත තත්ත්වයක් උදගත වෙමින් පවතිද්දී මැති ඇමතිවරු ඒ බව නොතකමින් වගකීම විරහිතව පසුවෙන බව ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවසූවේ බොදුබලසේනා සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම තත්ත්වය හුදෙකලා ගැටලුවක් නොවන බවත් දේවගැතිවරුන් මෙන්ම භික්ෂූන්ගේ ස්වරූපයෙන්ද මූලධර්මවාදීන් සිය අවශ්‍යතාවයන් මතුකර ගනිමින් සිටිනා බව උන් වහන්සේ පැවසූහ.

අද වන විට කැබිතිගොල්ලෑව පදවිය වැනි ප්‍රදේශවල කෙතරම් නරක අතර පත්ව ඇත්දැයි පැවසූවහොත් එම පළාත්වල භික්ෂූන් වහන්සේලාට පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට නොහැකි තරමට මූලධර්මවාදී ආගමික කල්ලි බෞද්ධයන් කුපිත කර ඇති බවත් උන්වහන්සේ පවසති.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *