මාළිමාව සමග කුමන්ත්‍රණයට සැරසුන ගුවන් හමුදා නිළධාරියාට හමුදා කඳවුරු තහනම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නමැති නිලධාරියා දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද පොලඹවන ආකාරයට විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ නිලධාරියා ගුවන් හමුදා පරිශ්‍රයන්ට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ විශ්‍රාමික නිලධාරියාට ගුවන් හමුදා කඳවුරක් වෙත ඇතුළු වීම සඳහා පවතින වරප්‍රසාදය අත්හිටුවීමට තීරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ආරක්ෂා කිරීම සඳහා ගත් තීරණයක් වන අතර, ඒ තීරණය ගුවන් හමුදා අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මඟින් ගන්නා ලද තීරණයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. එම තීරණය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් කරුණු විමසීමක් හෝ හේතු දැක්වීම සඳහා නෛතික බැඳීමක් ගුවන් හමුදාව වෙත නැති බවද ඇමැතිවරයා කීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *