මාතර වෙඩිතැබීමක් පුද්ගලයෙක් මරුට

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලබා මාතර රෝහල් ගතකර සිටි පුද්ගලයා අද අලුයම මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිට දී එහි හිමිකරුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි .

32 හැවිරිදි අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිස ටී -56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

වෙඩි තැබීම සඳහා යොදාගත් වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *