මහිදාන්දානන්දට රට යන්නට ඉඩ නොදුන් ගුවන් තොටුපොළේ දෙදෙනෙකුගේ වැඩතහනම්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියද අවස්ථාවේ මතුවූ බාධාව ඊයේ පස්වරුවේ ඉවත් කරන ලද බව ආගමන විගමන පාලකවරයා මාධ්‍යට පවසා ඇත. කෙසේවෙතත් මෙම සිදුවීම පිළිබඳ හෙට (13) දින පරීක්ෂණයක් පවත්වන බවත්, එම පරීක්ෂණ අවසන්වනතුරු මෙම සිද්ධිය හා සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආගමන විගමන පාලකවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව මතුගම අධිකරණයෙන් ලබාගත් විදෙස් ගමන් තහනමක් බලාත්මකව ඇති බව පවසමින් ගුවන් තොටුපොළේ ආගමන විගමන නිළධාරීන් ඔහුට විදෙස්ගතවීමට ඉඩලබාදී නැත .

මෙම සිදුවීමෙන් අහතුරුව තමන්ට එරෙහිව එවැනි කිසිදු නඩු කටයුත්තක් හෝ විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණ‍යෙන් පනවා නොමැති බව මන්ත්‍රීවරයා ආගමන විගමන පාලකවරයාට දන්වා ඇත. ඉන් අනතුරුව කළ සොයා බැලීමකදී තහවුරුව ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිඝණක දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම වැරැදීම සිදුව ඇති බවය. එම දෝෂය නිවැරදි කි‍රීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට විදෙස් ගත විමට යළි අවසර ලබාදුන් බව ආගමන විගමන පාලකවරයා මාධ්‍යට පවසා ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *