මර්වින් සිල්වාට එරෙහි පැමිණිල්ල කැඳවීම කල් යයි

2007 වර්ෂයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඊට අදාළ පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේය.
විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ, අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැදවීමට වීමට නියම කළ අධිකරණය එදිනම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *