මත්පැන් මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

මත් පැන් මිල අඩු කරනා ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් ඉල්ලීමක් කර තිබුනද ඒ සම්බන්ධව රජය කිසිදු තීරණයක් ගෙන නැතිබව රජයේ ආරංචි මාර්ග පවසයි.

සියළු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති වර්තමානයේ මත්පැන් මිල පමණක් පහත හෙළිම පිළිබඳව සලකා බැලීමටවත් නොහැකි බව ආණ්ඩුවේ මතය අවී ඇත . කෙසේ වෙතත් එසේ අඩු කරන්නේනම් එය අඩුකළ යුත්තෙ බදු ආදායමෙන් බවත්, මේ අවස්ථාවේ එය කළ නොහැක්කක් බවත් රජයේ මතය වී තිබේ.

මත්පැන් මිල ඉහළ යාම නිසා අලවිය බරපතල ලෙස පහත වැටී ඇතිබවත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා තම ලභාංශ කැප කිරීමට සිදුව ඇති බවත් මත්පැන් නිෂ්පාදකයෝ රජයට පෙන්වා දී ඇත. මත්පැන් මිල පහළ දැමීමෙන් අලවිය වැඩිවෙන නිසා ආණ්ඩුවට විශාල ලාභයක් ලැබිය හැකි බවත් ඕවුහු පවසති.

මේ අතර මත්පැන් මිල ඉහළ යාම නිසා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් ඇතිව තිබෙනා බවත්, එය අනාගතයේදී බරපතල සෞඛ්‍ය තර්ජනයක් බවත් වෛද්‍යවරු පෙන්වාදෙති

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *