භාණ්ඩ 843 ක ආනයන සිමා ඉවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් තව දුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව භාණ්ඩ 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පුර්ණ වටිනාකම සමාන මුදල් තැන්පතු හෙවත් මුදල් ආන්තික අවශ්‍යතාව (Cash Margine) සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වෙයි.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් වන බව වාර්තා වෙයි . මේ අනුව ඉදිරියෙදී භාණ්ඩ රාශියක මිල තව දුරටත් පහත බැසීමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *