බොරතෙල් මිල පහතට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බවයි සඳහන් වෙයි . පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *