බිත්තර තොගයේ සහතිකය අද නිකුත් වේ

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව අද (13) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

තවත් බිත්තර මිලියනයක තොගයක් පසුගියදා මෙරටට අනයනය කළ අතර ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණි.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොතිබුණි.

මෙරට බිත්තර හිඟයට විසඳුමක් ලෙස, බිත්තර මිලියන 4කට ආසන්න තොගයක් මේ වනවිට ආනයනය කර ඇති අතර ඒවා හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *