බලශක්ති ක්ෂේස්ත්‍රය ගැන වැදගත් තීරණ හයකට කැබිනට් අනුමැතිය

විදුලිබල සහ බලශක්ති ක්ෂේස්ත්‍රයේ තීරණාත්මක කරුණු හයක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම තීරණ පහත දැක්වෙයි.

චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් පී.එල්.සී සමාගම අනුබද්ද ඇමරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් වෙත දැනට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 බැගින් ක්‍රියාත්මක කිරීමට සිල්ලර බලපත්‍ර ලබා දීම.

දෙහිවල ප්‍රදේශය සඳහා විදුලි ස්මාර්ට් මීටර සඳහා කොන්ත්‍රාත්තුව ලබාදීම.

ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව සමඟ එක්ව සාම්පූර් හි මෙගාවොට් 135 සූර්ය උද්‍යානයේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම.

පොම්ප ගබඩා කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) අරමුදල් සපයන ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්විම.

ඉන්දියාව සමඟ පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට.

කැලණිතිස්ස බලාගාරය සඳහා LNG ගෑස් ටර්බයින ලබාගැනීම

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *