පොහොර සහනාධාරය සඳහා වවුචර් පත් ගොවියන්ට බෙදාදීම අද සිට

මෙම වර්ෂයේ යල කන්නයේ වී වගාකරන ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා සහානාධාර වවුචර් පත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ වේ.

ගොවිජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීමට ඔවුන්ට මෙමගින් අවස්ථාව හිමි වේ.

ඒ අනුව හෙක්ටයාරයක් සඳහා රුපියල් 20,000 ක් ද හෙක්ටයාර 02 ක් සඳහ රුපියල් 40,000 ක් වශයෙන් මෙම සහනාධාරය ලබාදීමටයි කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 ක් වන අතර එමගින් ගොවීන් හය ලක්ෂ 50,000 කට වවුචර් පත් නිකුත් කිරීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *