පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය විභාගයට.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ මහාධිකරණ තීරණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකදී අදාළ චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබුණි.

පෙත්සම් විභාගය ලබන ජුලි මස 4 වනදා ආරම්භ කිරීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *