පැසිපික් ගිනි වළල්ලේ ප්‍රබල භූ කම්පනයක්

භූ කම්පන සුලබ පැසිෆික් “ගිනි වළල්ලේ” මීට සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවූ බව ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරයි .

ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරින් සාගරයේ සිදුවූ මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 7.0 ක
ලෙස සඳහන් වු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කරයි. මෙය ප්‍රබල භූ කම්පන්මයක් වුවද ජීවිත හෝ දේපොළ හානි පිළිබඳ තවමත් වාර්තා වී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාවා සිට කිලෝමීටර් 594 (සැතපුම් 370) ගැඹුරු මුහුදේ මෙම භූමිකම්පාව සිදුවුවද ඉන් සුනාමී අවදානමක් වාර්තා නොවනා බව USGS ආයතනය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *