පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *