පාසල් නිල ඇඳුම් රෙදිවලින් 80%ක් බෙදා අවසන්

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකරන බව එම නිවේදනයේ වැඩි දුරටහ් සඳහන් වෙයි.

පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබේ. දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිතය. මෙවර පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *