ප්‍රචණ්ඩත්වය නවත්වන්න කොමිසමක් පත් කරන්න. අමාත්‍ය මණ්ඩලයේ ජනපතිගෙන් ඉල්ලයි

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේන් ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරෙන බව ද පැවසු අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යළි දිනක උදානොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද වැඩිදුරටත් පැවසීය.

“අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන, මිනිස්සුන්ට නිදහසේ ගමන්බිමන් යාමට සහ තමන්ගේ නිවස තුළ ජීවත්වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කරන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීමට පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *