නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල යන අය පිළිගැනීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම තීරණය සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.පී. කුලරත්නගේ අත්සනින් යුතු ලිපියක් මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව ලිපිය මගින් වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *