නව සංවර්ධන ව්‍යාපෘති ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

නිසි පරිදි හඳුනාගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අනුව මෙම කමිටුව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තු ගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත ව්‍යාපෘති පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *