නව විදුලිබල පනත් කෙටුම්පත අවසන් අදියරේ

නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බව කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ, අදාළ පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ශවකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් අතට පත්කිරීමට පියවර ගන්නා බවත්, පසුව ඒ පිළිබඳ ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ය.

නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත මේ මස අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ට්විටර් සටහනෙන් තවදුරටත් සඳහන් කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *