ප්‍රති ත්‍රස්ත පනත ගැන ගතු කියන්නට ගිය ඩලස්ලා අස්ගිරි පාර්ශවයෙන් හොඳට අහගනී. (Video)

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇති හානිකර වගන්ති සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.ඇල් පීරිස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අද අස්ගිරි මහා විහාරයට පැමිණියහ.

නව පනත ගැන එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ අසීමිත නිදහස තුළින් ජනතාව අසීරුතාවට පත්වන්නේ නම් ඊට ඉඩ ලබාදීමට කිසිම රජයකට නොහැකි බව පැවසූහ. එමෙන්ම රටේ නීතිය ආරක්ෂා කරගනිමින් පාලනය ගෙනයාම අණ්ඩුවේ වගකීම බවත් එහිදී යම් යම් තීන්දු තීරණ ගැනීමට රජයකට අනිවාර්‍යයෙන්ම සිදුවන බව උන්වහන්සේ පෙන්වාදුන්හ.

වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙසින් පැවසූහ. ”මෙහි මූලික අපේක්ෂාවන් බලනකොට සමහර සමහර දේවල් එකපාරටම නුසුදුසුයි කියලා කියන්නත් බැහැ. නිදහස පමණට වඩා භුක්ති විඳින්න ගිහිල්ලා රටේ අවුල් ඇති වෙනවා නම් විවිධාකාර විදිහේ ගැටලුසහගත තත්ත්වයන් රජයට හා ජනතාවට ඇති කරනවා නම් ඒ සියල්ලකටම රජයකට ඉඩදීලා ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙත් තියෙනවා. නැත්නම් රජයක් කරන්නට බැහැ. රටක් ගෙනියන්න බැහැ. රටේ නීතිය ආරක්ෂා කරගෙන රාජ්‍ය පාලනය ගෙන යාමේදි රජයකට යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න සිද්ද වෙනවා. දැන් ඔබතුමාලා ඉතිං රජය පැත්තේ නෙමෙයි ඉන්නේ කියන එක අපි හොඳට දන්නවා. ඒ හැර රටක පාලනය සඳහා ආරක්ෂාව සඳහා රාජ්‍ය ත්‍රන්ත්‍රයට විරෝධී වීමේ යම් යම් බාධක ගැටලුසහගත තත්ත්වයන් සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් අලුත් කරලා හරි ගැනීමේ අවශ්‍යතාව තියෙනවා කියලත් අපි පිළිගන්නවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *