දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කරන්නට ඇමති බන්ධුල සැරසේ.

රාජ්‍ය අංශයට ප්‍රාග්ධනය යොදවමින් තව දුරටත් දුම්රිය සේවය වෙනුවෙන් ආයෝජනය කරන්නට හැකියාවක් නැති බව ප්‍රවාහන ආමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය. දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේද දුම්ටිය සේවාවේ දියුණුවට බාධාවක් බවත්, වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ආදායම් උපදවන ආයතනයක් බවට පත් කිරීමටට දෙපාර්තමේන්තුව දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඇල්ල දුම්රිය ස්ථානයට පැමිනෙණ දෙස් විදෙස් සංචාරකයින්ට ප්‍රදේශයේ අවට සංචාරක කටයුතුවල නිරතවීමේ දී සිය වටිනා බඩුබාහිරාදිය ආරක්ෂිතව තැන්පත් කර තැබීමේ පහසුකම් ඇතුළු සේවාවන් රැසක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *