දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (20) රාත්‍රියේ එම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *