දැන් Amanté සිය නවතම ශාඛාව නුගේගොඩදී ඔබ වෙනුවෙන්ම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සමීපතම ඇඟලුම් සන්නාමය වන amanté, සිය 4 වන ස්වාධීන අලවි සල නුගේගොඩ Cool Planet සාප්පු සංකීර්ණයේදී විවෘතකරන ලදි. https://amante.lk/ නව අලෙවිසැල නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට ජනප්‍රිය නිළියක්, මාධ්‍යවේදිනියක මෙන්ම ප්‍රකට නිරූපිකාවකද වන යුරේනි නොෂිකා ද එක් විය.

හිටපු ශ්‍රී ලංකා රූ රැජිණියක වන යුරේනි ද නවීනතම නව amanté ප්‍රදර්ශණාගාරයේ පළමු මිලදී ගැනීම සිදු කළාය. “මා amanté හී වඩාත් ප්‍රිය කරන දෙය නම් එය දේශීය නිෂ්පාදනයක් ලෙස ගෝලීය ප්‍රවණතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමයි. නමුත් එය දකුණු ආසියාතික කාන්තාවන්ගේ අවශ්‍යතා සහ මනාපයන් සපුරාලීමේ වැඩි අරමුණින් ක්‍රියා කරනවා ” ඇය අදහස් දැක්වූවාය.

උත්සවය සහ ආරම්භක දිනයේදී 150කට අධික අමුත්තන් සහ පාරිභෝගිකයින් පැමිණ සිටිහ. කාන්තා සමීපතම ඇඳුම්, මලල ක්‍රීඩා, නිදි ඇඳුම්, පිහිනුම් ඇඳුම් ඇතුළු නිෂ්පාදන රැසක් amanté හී ඔබෙ තේරිම සඳහා ප්‍රදර්ශණය කෙරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *