ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වන ලකුණු

නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ජූනි ජූලි මාස දෙක තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එවන් තත්ත්වයක් ඇති වූවොත් රෝගීන් වැඩි වී රෝහල් පද්ධතිය දරාගැනීමට නොහැකි වනු ඇති බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 300-400ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයකි.එමෙන්ම මේ වසරේ මෙතෙක් මෙරටින් ඩෙංගු මරණ විසි තුනක් ද වාර්තා වී ඇත.

මෙවර ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුවද මරණ අනුපාතය අවම වීම යම් සැනසිලිදායක තත්ත්වයක් වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් වයඹ පළාත සඳහා ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *