ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් පසු උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව මෙරට සිංහල හා දෙමළ ප්‍රජාවගේ අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම යහපත් සැමරුමේදී, ජනතාව සම්ප්‍රදායිකව නියමිත සුබ වේලාවන්හිදී අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වීමේ නිරත වන්නේ බහුල සෞභාග්‍යයක් ලබා ගැනීමේ ප්‍රාර්ථනාවෙනි.

පසුගිය වසරේ අපේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් කළ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ අප අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල යෙදී සිටියේ අප්‍රමාණ දුෂ්කරතා මැදය.

කෙසේ වෙතත්, මෙම වසරේ ආරම්භය අප සැමට සෞභාග්‍යමත් පරිසරයක් ඉදිරිපත් කර තිබීම ගැන මම සතුටු වෙමි, එබැවින් අප අදට වඩා ධනවත් හා සමෘද්ධිමත් වීමට උත්සාහ කළ යුතුය. එක ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එකමුතුව ඉදිරියට යාමෙන් අපට මෙම අභිලාෂය සාක්ෂාත් කරගත හැකි බව නොඅනුමානය. ඒ අනුව දේශපාලන, ජාති, ආගම් භේද තිබුණත් මේ අලුත් අවුරුද්දේ අපටත් අපේ ජාතියටත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට නැවුම් ආරම්භයක් අත්‍යවශ්‍ය වේ.

එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

රනිල් වික්‍රමසිංහ

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *