ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරුන් වැඩ අරඹයි

මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

විවිධ හේතූන් නිසා පසුගිය වසර දෙකේදී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දමා පැවති අතර, ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් බව එම කොමිසම සඳහන් කළේය.

යම් හෙයකින් තොරතුරු රැස් කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත්, එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ඡන්ද හිමි නාමලේඛන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වනදා වන විට එය සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *