ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පකිස්ථානයේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා හි පළාත් සභා සඳහා මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතු බවට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අගවින්සුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද 3-2 ලෙස බෙදුන් තීන්දුවක් ලබා දී ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක ජනතාවක් ජීවත්වන පන්ජාබය පළාත සහ මිලියන 35ක් සහිත ජනගහනයක් සහිත කයිබර් පක්තුන්ක්වා පළාත එරට තුන්වන විශාලතම පළාතට අදාලවය.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගය.

පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *