චීන ජාතිකයන් 14 කගේ මල සිරුරු හමුවේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවෙන් මළසිරුරු 14 ක් සොයාගැනීමට හැකි වූ බවට නාවික හමුදාව පවසයි.

මෙම සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාවද දායක විය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ධීවර යාත්‍රාව පෙරලෙන විට එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු වශයෙන් 39 දෙනෙකු අතුරුදන්ව තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *