චීනය හා කැනඩාව අතර සීතල යුද්දයක්

කැනඩාවේ ටොරන්ටෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලයක සේවය කළ නිලධාරියෙකු කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට හිරිහැර කළ බවට චෝදනා එල්ල කරමින් නෙරපීමට කැනඩාව කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

චීනය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී මයිකල් චොං චෝදනා කර ඇති අතර අනතුරුව හොංකොං හි වෙසෙන ඔහුගේ ඥාතීන්ට චීන බලධාරීන් හිරිහැර කර ඇති බව වාර්තා විය.

කැනඩා විදෙස් කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි නිල වශයෙන් නිවේදනය කළේ සාඕ වෙයි නැමැති චීන නිලධාරියා නෙරපන බවයි.

ඒ සම්බන්ධයෙන් ඔටාවා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ තම නිලධාරියාව නෙරපීම වැරදි ක්‍රියාවක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *