චීනයට රිලව් යවනවාට ආනන්ද සාගර හිමියෝ එරෙහි වෙති

දැනට යෝජනා වී ඇති රිලවුන් ලක්ෂයක් චීනයට ලබාදීමේ තීරණයට එරෙහිව මව්බිම ලංකා සංවිධනයේ ලේකම් පූජ්‍ය පාහියන්ගම ආනන්ද සාගර හිමියෝ අදහස් දක්වති.

මෙම ගනුදෙනුව පසුපස ඇත්තේ ඩොලර් මිලියන ගණනක ජාවාරමක් බවද උන්වහසේ අවධාරණය කරති. මෙය මෙරට ජෛව සම්පත් සම්බන්ධව බඑඅපතල තීන්දුවක් බවත්, එවැනෛ තීන්දුවකර එළඹීමට පෙර ක්ෂේස්ත්‍රයේ ප්‍රාමාණිකයන් සමග සාකච්චා කිරීම රජයේ වග කිමක් බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

රිලවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා බවත් පවසන උන්වහන්සේ මෙම තීන්දුව ආපසු හැරවීම සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කියා සිටියහ. මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *