චන්ද්‍රිකාගේ “කමත Artiste’s Club” එක විවෘතයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ආරම්භ කළ ” කොළඹ කමත කලා කේන්ද්‍රයට” අනුබද්ධව කමත Artiste’s Club ඊයේ (01) සවස චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිණීයගේ මූලිකත්වයෙන් විවෘත කෙරිණි.

හිටපු ජනපතිණීයගේ කලක පටන් පැවති සංකල්පයක් මත මෙම ස්ථානය ආරම්භ කළ බව එතුමිය පැමිණි පිරිස අමතමින් ප්‍රකාශ කළාය.

එමෙන්ම කලාකරුවන්ට, සාහිත්‍යධරයන්ට විවේකීව ගත කිරීමට සහ හමු වී සාකච්ඡා කිරීමට අවකාශයක් මේ හරහා නිර්මාණය කිරීම ඇයගේ අරමුණ බවද ෆේස්බුක් හි සටහනක් තබමින් හිටපු ජනපතිණිය සඳහන් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *