ගජමෑන් 3D සිනමාපටය නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන “ගජමෑන්” අද දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරන ලදි.

හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, Motion Capture තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම විශේෂත්වයකි.

ගජමෑන්, මගෝඩිස්තුමා, ලපයා. මෙරායා, ගොඩ්ඩින් අයියා වැනි ජනප්‍රිය කාටුන් චරිත රැසක් මෙම චිත්‍රපටයට යොදාගෙන ඇත.

මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී ඇති අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසිනි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *