කොවිඩ් වලින් පසු චීනය සම්පූර්ණයෙන් විවෘත කෙරේ

කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසු හෙට (15) සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබේ.

ශුන්‍ය කොවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි චීනය,ඊට එරෙහිව රටපුරා මතුවූ විරෝධතා රැල්ලට ප්‍රතිචාර ලෙස ගෙවුණු වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේය.

ඒ අනුව කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙස හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරේන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *