කොරියාවෙන් පාවෙන විදුලි බලාගාර දෙකක්

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට අවකාශය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර 2009 වර්ෂයේදී අත්සන් කරනු ලැබූ ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ කොරියානු ජනරජයේ වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු වොන් බිලියන 6.83ක ප්‍රදානයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

කොරියානු ජනරජය වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමේ ආයතනය ලෙස Korea Institute for Advancement of Technology ආයතනය ක්‍රියා කරනු ලබයි.

ඒ අනුව එළඹ ඇති එකඟතාව පරිදි, මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජනරජයේ Korea Institute for Advancement of Technology ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා සටහනට අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *