කළු දුමින් රට වහනා වාහන වලට අනතුරු ඇඟිවීමක්

බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහාන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන හා නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඔවුන්,

“2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *