කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට ගෙන එද්දී පිරිසක් විරෝධතා පළ කරයි

කලුතර දැරියගේ මරණයට අදාළ සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ, මියගිය සිසුවියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී නිහඩ විරෝධතාවකද නියැලෙමින් සිටින බව වාර්තා වේ.

කළුතර පස්මහල් ලැඟුම්හලකින් ඇදවටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා දැඩි ආරක්ෂක රැකවල් මැද අද (15) පෙරවරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් ඇත.

ඒ. මියගිය පාසල් සිසුවිය ලැඟුම්හලට කැඳවාගෙන ආ ඇයගේ 19 හැවිරිදි මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් වන බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *