එළුවන් බලන තරුණයෙක් ගම්පොල තරුණිය මරා වළදාලා

ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ දී පසුගිය 7 වැනි දා අතුරුදහන් වූ 22 හැවිරිදි ෆාතිමා මූනවුවරා නමැති තරුණිය ඝාතනය කොට ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. මෙම තරුණියගේ අතුරුදහන් වීමට සැක පිට අත් අඩංගුවට ගත් එළු රංචුවක් බලාගන්න තරුණයාගෙන් ප්‍රශ්ණ කිරීමේදී මේ බව අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ප්‍රදේශයේ පොල්වත්තක වලදමා ඇතිබව අනාවරණය කර ගැනීමට ගම්පොළ පොලිසිය සමත්ව ඇත. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එළුවන් බලන තරුණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ මේ බව හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

තමා මෙම තරුණියට බලහතකාරකමක් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ඊට එරෙනිවීම නිසා අසලවන රොදකට ඇදගෙන ගොස් ඝාතනය කර වළ දැමූ බව එම තරුණයා පාඅපොච්චාරණය කර ඇත.

මෙම තරුණිය ඝාතනය කර වලදමා ඇති බවට කියන ස්ථානය අසන්නයේ ළඳු කැලෑවේ තිබී තරුණියගේ සෙරප්පුවක් සහ ඇගේ වතුර බෝතලය සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත. ගම්පොළ නගරයේ ෆාමසියක සේවය කරනා මෙම තරුණිය සිය නිවසේ සිට සේවා ස්ථානයට පා ගමනින් ගමන් කරමින් සිටියදි මෙලෙස ඝාතනයට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *