එයාර් සීෂෙල්ස් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

එයාර් සීෂෙල්ස් ගුවන් සේවය කොළඹ දක්වා නව ගුවන් සේවයක් ආරම්භ කරනා බව නිළ වශයෙන් නිවේදනය කරයි.

ආරම්භක අවස්ථාවේ සීෂෙල්ස් හී අගනගරය වන මහේ සිට කොළඹ බලා සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කරනා බවත්, මගී ඉල්ලුම අනුව ඉදිරියේදී එය ඉහළ දැමිය හැකි බවත් එයාර් සීෂෙල්ස් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සැන්ඩි බෙනොයිටන් පවසයි.

ජූනි 20 වැනි දින සිට නව සේවාව ක්‍රියාත්මක කරනා බවත්. මහේ සිට කොළඹ දක්වා ගුවන් ගමන් HM 262 කේත අංකයෙන් අඟහරුවාදා සහ සෙනසුරාදා රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආපසු ගුවන් ගමන් බදාදා සහ ඉරිදා උදෑසන ක්‍රියාත්මක වන අතර එය HM 263 කේත අංකයෙන් ක්‍රියාත්මක කරනු ඇත. ව්‍යාපාරික පන්තියේ ආසන 12 කින් සහ පිරිමැසුම් පන්තියේ ආසන 156 කින් සමන්විත Airbus A320neo ගුවන් යානා මෙම සේවාවට යොදාගැනීමට නියමිතය. එයාර් සීෂෙල්ස් සමාගම දැනටමත් ඉන්දියාව, ජොහැන්නස්බර්ග්, මොරිෂස්, මුම්බායි සහ ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ජාත්‍යන්තර සේවා ක්‍රියාත්මක කරයි

“සීෂෙල්ස් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ කිරීමේ මෙම අවස්ථාව ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ සියලු සීෂෙල්ස් වැසියන්ට ප්‍රතිලාභ ලැබෙන විශිෂ්ට සංචාරක, වෛද්‍ය සහ වෙළඳ අවස්ථා සහිත ගමනාන්තයක්.” යයි එයාර් සීෂෙල්ස් හි ප්‍රධාන වාණිජ නිලධාරි චාල්ස් ජොන්සන් නව ගුවන් සේවය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

නව ගුවන් සේවාව නිසා එයාර් සීෂෙල්ස් මගීන්ට බැංකොක්, ක්වාලාලම්පූර්, මෙල්බර්න්, සිංගප්පූරුව, සිඩ්නි සහ ටෝකියෝ මෙන්ම ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ විවිධ ගමනාන්ත ඇතුළු ආසියාව සහ ඕස්ට්‍රේලියාව පුරා ගමනාන්ත 20 කට වැඩි ප්‍රමාණයකට සෘජු ප්‍රවේශය ලබාගැනීමට හැකිවෙනු ඇති බවද එයාර් සීෂෙල්ස් හි ප්‍රධාන වාණිජ නිලධාරි‍යා වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *