එයාර් චයිනා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගමන් අරඹයි

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත්, එමගින් මෙරටට පැමිණෙන චීන සංචාරකයන් ප්‍රමාණය තව දුරටත් ඉහළ යනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය. මේවන විට ශ්‍රී ලංකන් සහ චයිනා ඊස්ටර්න් යන ගුවන් සේවා ශ්‍රි ලංකාව සහ චීනය අතර ගුවන් සෙවා පවත්වමින් සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *