එක්ස්ප්‍රස් ප‍ර් ල් නෞකාවට සිංගප්පූරුවෙදී හෙට නඩු පවරයි.

කොළඹ වරායට නොදුරුව ගිලීගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුවූ හානියට අදාළ වන්දි ඉල්ලා හෙට (24) දිනයේ සිංගප්පූරු අධිකරණයක දී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි .

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම නීති කෘත්‍යට අදාල සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පැවසීය. 2021 වසරේ මැයි 20 වැනි දින කොළඹ වරාය සමීපයේදී ගිනිගැනීමට ලක්වූ මෙම නෞකාව පසුව ඈත මුහුදට ඇදගෙන යන ලදි.

නෞකාව මුහුදු බත් වීමෙන් එහි තිබූ ප්ලාස්ටික් කැට සහ හානිකර රසායන ද්‍රව්‍ය විශාල ලෙස සාගරයට එක් විය. එමගින් පනදුර සිට පුත්තලම දක්වා මුහුදු තීරය බරපතළ ලෙස දූෂණයට ලක් විය.

එම පරිසර හානිය නිසා කැස්බැවන්, ඩොල්පින් මසුන් ඇතුළු සාගර ජීවීන් විශල ප්‍රමණයක් මිය යන ලදි. ඊට අමතරව මෙරට ධීවර කර්මාන්තයට සහ සංචාරක කර්මාන්තුයට එමගින් දැවැන්ත පාඩුවක් සිදු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *