එකම පවුලේ පහක් පස් දෙනෙක් මරාදැමූ ඩෙල්ෆ්ට් ඝාතකයා අත් අඩංගුවට

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ නිවසක් ඊයේ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේය.

මෙම සැකකරු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව ඔහු පැවසීය.

ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ඝාතනයට ලක්කර තිබුණා.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *