උපන්දිනය දවසේ රෑම ජනාධිපති ලෝකයට කතා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රියේදී ජාත්‍යන්තරය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටී

ජනාධිපතිවරයාගේ හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශනය පැයක කාලයක දේශනයක් වන අතර, දේශනය අවසානයේදී ප්‍රශ්න උත්තර සැසියක් පැවැත්වීමටද නියමිතව ඇතැයි හාවඩ් විශ්ව විද්‍යාලය පවසයි.

ඇමරිකාවේ වේලාවෙන් උදෑසන 10ට දේශනය ආරම්භ වීමට නියමිත අතර එය ලංකාවේ වේලාවෙන් රාත්‍රී හතට ආරම්භවීමට නියමිතව ඇත.

හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Tarun Khanna, සහ Asim Khwaja විසින් මෙම ප්‍රශ්න උත්තර සැසිය මෙහෙයවනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපන්දිනය යෙදී ඇත්තේ අද දිනයේදීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *