උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය පෙබරවාරී මාසයේ සියයට 53.6ක් ලෙස දැක්වු උද්ධමනය මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පෙබරවාරි මාසයේදී සියයට 49ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 42.3ක් දක්වා අඩුවී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ සියයට 57.4ක් ව පැවති උද්ධමනය මාර්තු මාසයේදී සියයට 54.9ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු මාසයේ වාර්තා වූ උද්ධමනය මාස 10කට ආසන්න කාලයකට පසු වාර්තා වූ අඩුම උද්ධමන අගය වීම විශේෂත්වයකි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *